Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ පළමු ජය ලබති

රාජකීයයෝ පළමු ජය ලබති

editorial - 2022 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කොටස යටතේ  ඊයේ (24 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 22-12 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-05 ක් ලෙස රාජකීයයෝ පෙරමුණ ගත්හ. එහිදී රාජකීය ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් දෙකක් සමගද, ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් සමගද ලකුණු ලබාගත්හ.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට රාජකීය ක්‍රීඩකයන් සමත් වෙද්දී, ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ගෝල දිනුමක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 22-12 ක් ලෙස රාජකීය ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.

මෙම තරගයේදී රාජකීය විදුහල වෙනුවෙන් නවීන් පෙරේරා උත්සාහක දිනුම් දෙකක්ද, කවීන් සසංග සහ හස්නික හිග්ගොඩ එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර ඉන් එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට බිම්සර පීරිස්ට හැකි විය. ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් දිසානායක සහ අමරසිංහ උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් එක් ප්‍රවර්ථනයක් සාර්ථන කරගනු ලැබුවේ පීරිස් විසිනි.


-036


අදහස් (0)

රාජකීයයෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.