
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටය යටතේ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 74-15 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.
රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 36-07 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීයයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් රාජකීය විදුහල ලකුණු ලබාගත් අතර තර්ස්ටන් විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ රාජකීයයෝ ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 38 ක් එක්කර ගනිද්දී, තර්ස්ටන් ක්‍රීඩකයන්ට උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වන විට තර්ස්ටන් විදුහලට වඩා රාජකීය විදුහල ලකුණු 59 ක් ඉදිරියෙන් සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.