Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීය රග්බි පිලේ සහයට එස්.එල්.ටී. මොබිටෙල්

රාජකීය රග්බි පිලේ සහයට එස්.එල්.ටී. මොබිටෙල්

editorial - 2023 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල හවුල්කරුවන් වශයෙන් එස්.එල්.ටී. මොබිටෙල් සමාගම ඉදිරිපත් වී තිබේ. රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර් පාසල් රග්බි තරගාවලියට සහභාගි වෙමින් සිටී.

සෑම පාසල් රග්බි තරග වාරයකදීම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවැත්වෙන, සුප්‍රකට බ්‍රැඩ්බි පළිහ තරඟයට ද තව නොබෝ දිනකින් ඔවුන් සහභාගීවනු ඇත. එහි පළමු අදියර මේ මස 22 වැනිදා මහනුවරදී පැවැත්වෙන අතර දෙවැනි අදියර අගෝස්තු 5 වැනිදා කොළඹදී පැවැත්වෙයි. පසුගිය වසර 6 දීම බ්‍රැඩ්බි පළිහ දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල් පිල සමත්වූ අතර මෙම වසරේදී ද එම ජයග්‍රහණය තමන් සතු කරගැනීම රාජකීය පිලේ බලාපොරොත්තුව වී තිබේ.

රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල හවුල්කරුවන් වශයෙන් එස්.එල්.ටී. මොබිටෙල් සමාගම සිය සම්බන්ධතාව තහවුරු කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි. රාජකීය විද්‍යාලයීය සංගමයේ ලේකම් වෛද්‍ය (කර්නල්) හිරාන් විමලරත්න, රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එම්. වී. එස්. ගුණතිලක, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ, මොබිටෙල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ සහ රාජකීය විද්‍යාලයීය රග්බි තරග සංවිධාන කමිටුවේ සභාපති අතුල මුණසිංහ සහ රාජකීය විද්‍යාලයේ රග්බි උපදේශන කමිටුවේ ලේකම් සුල්කර් හමීඩ් යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.

- 213


අදහස් (0)

රාජකීය රග්බි පිලේ සහයට එස්.එල්.ටී. මොබිටෙල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.