Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීය - ඉසිපතන ජය ලබයි

රාජකීය - ඉසිපතන ජය ලබයි

editorial - 2020 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු සතියේ තරග අවසන් කරමින් කොළඹදී අද (07) පැවැති තරගවලදී කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල ජය ලැබීය.

රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති තරගයේදී රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 41-14 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් වූහ.

රාජකීය විදුහල ගෝල තුනකින් සහ උත්සාහක දිනුම් හතරකින් ලකුණු 41 රැස්කළ අතර ඒ අනුව රාජකීය විදුහල අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය.

ශාන්ත අන්තෝනි විදුහලට ගෝල දෙකකින් ලකුණු එකතු විය.

රාජකීය විදුහල් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-7 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ.

ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ හැව්ලොක්ස් පිටියේදී ලකුණු 17-10 කින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.

ඉසිපතන විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු රැස්කළේය. විද්‍යා විද්‍යාලයට උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.  

ඉසිපතන විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.   

 

- 048


අදහස් (0)

රාජකීය - ඉසිපතන ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.