Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි රන් පදක්කම ෆීජී ක්‍රීඩකයන්ට

රග්බි රන් පදක්කම ෆීජී ක්‍රීඩකයන්ට

editorial - 2021 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ෆිජි ක්‍රීඩකයන් විසින් සත් සාමාජික රග්බි රන් පදක්කම දිනාගන්නා ලදි. ටෝකියෝ ප්‍රධාන ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති අවසන් තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 27 - 12 කින් පරාජය කරමින් ෆිජි ක්‍රීඩකයෝ රග්බි රන් පදක්කම දිනාගත්හ.

පළමු අර්ධයේදී ලකුණු 19-12 කින් පෙරමුණ ගත් ෆිජී පිල වෙනුවෙන් විශාලතම දායකත්වය දුන්නේ මෙලී දෙරනලාගී, සිරෙලි මකාලා සහ ජිටුවා වනිකෝලෝ තිදෙනාගේ උත්සාහක දිනුම් තුනයි. එහෙත් ආසියාලිගේ සිව්වැනි උත්සාහක දිනුම හේතුවෙන් ෆිජි පිල පහසුවෙන්ම ඉදිරියට ගිය අතර දඬුවම් පහරක් හේතුවෙන් ෆිජි ක්‍රීඩකයන්ට රන් පදක්කම හිමිවිය.

අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම ලකුණු 26 - 14 කින් පරාජය කරමින් ෆිජි ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට වරම් ලබාගත්හ. නවසීලන්තය අවසන් මහ තරගයට පිවිසියේ ප්‍රබල එංගලන්ත පිලේ ගමන 29 - 07 කින් නවතාලමිනි.

ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ආර්ජන්ටිනාව විසින් ලකුණු 17 - 12 ක් ලෙසින් එංගලන්තය පරාජය කරන ලදි.

රියෝ ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකරගත් දකුණු අප්‍රිකාව පස්වැනි ස්ථානය හිමිකරගත්තේ එක්සත් ජනපද කණ්ඩායම ලකුණු 28 -7 ක් ලෙසින් පරාජය කරමිනි.


 - 213

 


අදහස් (0)

රග්බි රන් පදක්කම ෆීජී ක්‍රීඩකයන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.