Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි පුහුණු කාර්යමණ්ඩලයට වසර 3 කට කෝටි 3 ක්

රග්බි පුහුණු කාර්යමණ්ඩලයට වසර 3 කට කෝටි 3 ක්

යොහාන් භාසුර - 2021 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා ජාතික පිරිමි රග්බි සංචිතයේ සේවය සඳහා විදේශීය පුහුණුකරුවකු සහ අභ්‍යාසකවරයකු බඳවාගැනීමට සැළසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතා ‘ලංකාදීප’යට පැවසීය. සුදුසුකම් ලත් විදේශ පුහුණුකරුවකු වසර දෙකක කාලයක් සඳහා බඳවා ගැනීමට සැළසුම් කර තිබේ.

විදේශීය අභ්‍යාසකවරයාට අමතරව තවත් දේශීය නිලධාරීන් තිදෙනකු පමණ පුහුණු කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉදිරි වසර තුනක (2021 සිට 2023) ඉහළ දක්‍ෂතා සංවර්ධන ව්‍යාපෘතියේ අස්තමේන්තුගත වැයට අනුව පිරිමි රග්බි සංචිතයේ පුහුණුකරුවන්ගේ වියදම් සඳහා රුපියල් 32,160,000 ක් හෙවත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

කාන්තා රග්බි ඉහළ දක්‍ෂතා සංවර්ධන ව්‍යාපෘතියේ අස්තමේන්තුගත වැයට අනුව පුහුණුකරුවන් සඳහා රුපියල් 1,200,000 හෙවත් රුපියල් මිලියනයකට අධික මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

“අපි මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. එහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නා පළමුවෙන්ම වසර දෙකකට විදේශ පුහුණුකරුවකුගේ සේවය ලබාගන්න කියලා”
“පුහුණුකරුවකු ගන්නවා කියලා සුදුසුකම් තිබෙන දක්‍ෂ පුහුණුකරුවකු ගන්න ඕනේ. විශාල වැටුපක් ගෙවනවානන් ඊට සරිලන ප්‍රයෝජනයක් ලැබිය යුතුයි”

“විදේශීය පුහුණුකරුවා සහ අභ්‍යාසකට අමතරව එම දෙපළට සහාය වීමට දේශීය පුහුණුකරුවකු සහ අභ්‍යාසකවරයකු බඳවා ගන්න සැළසුම් කරලා තියෙන්නේ. ඊට අමතරව පුහුණුකරු සම්බන්ධිකරණ නිලධාරියකු පත්කළ යුතුයි. ඒ අනුව පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව පහක් හෝ හයක් වෙන්න පුළුවන්” යැයි සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මීට වසර තුනකට පමණ පෙර නවසීලන්ත ජාතික පුහුණුකරුවකු කටයුතු කළ අතර එම කාලයේදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දස්කම් ඉහළ ගිය ආකාරයක් දැකිය හැකි විය.


අදහස් (0)

රග්බි පුහුණු කාර්යමණ්ඩලයට වසර 3 කට කෝටි 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.