Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි ප්‍රශ්නය තවත් අවුල් වුණා

රග්බි ප්‍රශ්නය තවත් අවුල් වුණා

editorial - 2023 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රශ්නයට දේශපාලන අතපෙවීම් ඇතැයි හුවා දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුව විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ලිපියක් යොමු කිරීමෙන් ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රශ්නය තවදුරටත් අවුල් වී ගිය බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අද (5) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවැසීය. ඇමැතිවරයා පැවසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ එම සදාචාර විරෝධී කටයුත්ත හෙළා දකින බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව මිස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ශාඛාවක් නොවන බව සිහිතබා ගත යුතු බවත්ය.

ජාත්‍යන්තරව පනවා තිබෙන ශ්‍රී ලංකාවේ රග්බි හා පාපන්දු ක්‍රීඩා තහනම ඉවත් කරවා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කෙරෙන ඉදිරි පියවර හා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන අතපෙවීම් ගැන අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට ලිවීමට පෙර තමා දැනුවත් කිරීමට එහිදී ජාතික ඔලිම්පික් කමිටුව පියවර නොගැනීම බරපතළ අඩුපාඩුවක් බවයි.  

‘‘ජාතික ඔලිම්පික් කමිටුවට එහෙම කරන්න බෑ. මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් ඔවුන් පළමුව ක්‍රීඩා අමාතාංශය සමග සාකච්ඡා කරන්න තිබුණා. රටේ ක්‍රීඩා පනතට අනුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ හැසිරීම වැරදියි. ශ්‍රී ලංකාවට රග්බි ජාත්‍යන්තර තහනමක් පැනවූයේ මගේ ක්‍රීඩා ඇමැති කාලයේදී කියලා කියන්න මාධ්‍යයන් උත්සාහ කරනවා. එය වැරදියි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රග්බි තහනමක් පැනවූයේ මම ක්‍රීඩා ඇමැතිවරයා වෙන්න කලින්.

මේ රටේ රග්බි ක්‍රීඩාව කියන්නේ රිස්වි ඉල්ලියාස් මහතා නොවේ. ඔහු රග්බි සංගමයේ සභාපති වෙලා ඉන්නකොට ආසියානු රග්බි සංගමය ශ්‍රී ලංකාවට තහනමක් පැනෙව්වා. එතනදී ශ්‍රී ලංකාව හැටියට අපට ආසියානු සංගමය සමග අනුගත වෙලා ඔහු ධුරයෙන් ඉවත් කරන්න සිද්ධ වුණා. මේක දේශපාලන ක්‍රියාවක් හැටියට පෙන්වන්න දරන උත්සාහය නින්දිතයි. දැන් මේ ජාත්‍යන්තර රග්බි තහනම ඉවත් කරවා ගන්න අපි මේ දවස්වල දිවයිනට පැමිණිලා ඉන්න අන්තර් ජාතික රග්බි සංගමයේ නියෝජිතයන් සමග සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. ඊට නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාත් සම්බන්ධ වෙලා ඉන්නවා.

මම කියන්න කැමැතියි එම සාකච්ඡා ඉතාම සාර්ථක වෙමින් තිබෙනවා. මේ වනකොට රග්බි සංගමයේ මූලස්ථානය රිස්වි ඉල්ලියාස්ලා අල්ලගෙන ඉන්නවා. එය නිදහස් කර දෙන ලෙස පොලිස්පතිට වගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීපදෙනෙකුටත් දැනුම් දුන්නත් එය මෙතෙක් ඉටුවෙලා නෑ.

මේ වගේ දේවල් වෙනකොට මට හිතෙන්නේ රටේ ක්‍රීඩාවට බෝවෙලා ඉන්න සමහර හොරු අපට වඩා බොහෝම බලවත් කියලයි. නමුත් මගේ රාජකාරිය මම හොරුන්ට බයේ අත් අරින්නේ නෑ.


අදහස් (0)

රග්බි ප්‍රශ්නය තවත් අවුල් වුණා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.