Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි තේරීම් කමිටුවේ කාලය දීර්ඝ කරයි

රග්බි තේරීම් කමිටුවේ කාලය දීර්ඝ කරයි

යොහාන් භාසුර - 2020 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකා ජාතික රග්බි තේරීම් කමිටුවේ කාලය මාස දෙකකින් දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අහලප්පෙරුම මහතා පියවර ගෙන තිබේ. රොහාන් අබේකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ජාතික රග්බි තේරීම් කමිටුවේ නිලකාලය මෙම මැයි මස අවසන් වීමට නියමිත අතර ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම දීර්ඝ කිරීම කර තිබේ.
 
ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉල්ලීමකට අනුව මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා අවධානය යොමු කර තිබේ.

රග්බි තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ලෙස්ලි ද සිල්වා, කපිල නෝල්ටන්, එල්. බී. ඒකනායක සහ චම්පික නිශාන්ත යන මහත්වරු කටයුතු කරති.

රග්බි තේරීම් කමිටුව මෙම සතියේ නව ජාතික සංචිතයක් නම් කිරීමට නියමිතය.

‘කොරෝනා’ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස රට වසා දැමීමත් සමඟ අතරමඟදී අත්හිටුවූ ‘ඩයලොග්’ ලීග් රග්බි තරගාවලියෙන් මෙම සංචිතය තෝරාගැනීමට නියමිත බව උසස් රග්බි නිලධාරියෙක් පැවසීය.

අදහස් (0)

රග්බි තේරීම් කමිටුවේ කාලය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.