Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන පළමු කොටසේ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. එහි අනු ශූරතාව කොළඹ ඉසිපතන විදුහලට හිමිවිය. මෙවර තරගාවලිය කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පුරා දින දෙකක් පැවැත්විණි.
මරදාන ශාන්ත ජෝශප් විදුහල පළඟ ශූරතාව දිනාගත් අතර මහනුවර කිංග්ස්වුඞ් විදුහල බදුන ශූරතාව දිනාගත්තේය. කොළඹ මහානාම විදුහලට පළිහ ශූරතාව හිමිවිය.
කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ආසන්නතම ශූරයන් වන ඉසිපතන විදුහල් පිලට එරෙහිව ලකුණු 7-5 ක තියුණු ජයක් ලැබීම මෙහිදී කැපී පෙනුණි.
කෙවින් ඩික්සන් ජයග‍්‍රාහි ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සියලූම ප‍්‍රබල පාසල් ඇතුළුව කණ්ඩායම් 29 ක් සහභාගි විය.
අවසන් තරග ප‍්‍රතිඵල
කුසලාන ශූරතාව
ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 7-5 කින් ඉසිපතන විදුහල පරාජය කරන ලදී.
පළඟ ශූරතාව
මරදාන ශාන්ත ජෝශප් විදුහල විසින් ලකුණු 26-5 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කරන ලදී.
බදුන ශූරතාව
මහනුවර කිංගස්වුඞ් විදුහල විසින් ලකුණු 19-17 කින් කටුගස්තොට ශාන්ත අනිතෝනි විදුහල පරාජය කරන ලදී.
පළිහ ශූරතාව
කොළඹ මහානාම විදුහල විසින් ලකුණු 15-7 කින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදී.
ඡයාරූප : කිත්සිරි ද මෙල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.