Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි සෙවන්ස් ශූරතාවලිය 10-11

රග්බි සෙවන්ස් ශූරතාවලිය 10-11

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 20න් පහළ ආසියා රග්බි සෙවන්ස් ශූරතාවලිය මෙවර හොංකොංහිදී මේ මස 10 , 11 දෙදින පැවැත්වීමට නියමිතය.

‘ඒ හා ‘බී’ යනුවෙන් කාණ්ඩ 2කින් කණ්ඩායම් 8 ක් මෙවර තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගෙන ඇත. ශ්‍රී ලංකාව සමගින් වීනය, සිංගප්පූරුව සහ චීන තායිපේ යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. හොංකොං, දකුණු කොරියාව, මැලේසියාව සහ තායිලන්තය යන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාව 2015 වසරේ සිට මෙම තරගාවලිය නියෝජනය කරන අතර පසුගිය වසරේ හොංකොං හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමට සිදුවිය.

පළමු තරගාවලියේදී රටවල් 9ක් අතරින් ශ්‍රී ලංකාව තෙවැනි තැනට පත්විය. 2016 වසරේ පැවැති තරගාවලිය දක්ෂ ලෙසින් අවසන් කළ ශ්‍රී ලංකාව එවර පළමු ලීගයේ අවසන් තරගයෙන් ලකුණු 38-0ක් ලෙස කොරියාව පරාජය කිරීමට සමත්විය. එහෙත් දෙවැනි ලීගයේ පැවැති අවසන් තරගයෙන් හොංකොං හමුවේ ලකුණු 36-10 කින් පරාජය  වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. නමුත් පළමු ලීගයේ ශූරතාවයත්, දෙවැනි ලීගයේ වටයෙන් අනුශූරතාව දිනාගැනීමත් සමග එවර සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

2017 වසරේ නවීන් හීනකංකානම්ගේ නායකත්වයෙන් යුතුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව එවරද, පළමු වටයේදී පිලිපීනය, චීනය, මැලේසියාව සහ තායිවානය පිළිවෙලින් ලකුණු 24-0 කින්, 43-07 කින්, 26-05කින් සහ 28-14 කින් සියලුම තරග ජය ගැනීමට ශ්‍රී ලංකාව හැකිවිය.  අවසන් පූර්ව වටයේදී දකුණු කොරියාවද ලකුණු 31-05 කින් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව අවසන් තරගයේදී අනපේක්ෂිත ලෙස හොංකොං හමුවේ ලකුණු 36-0 කින් පරාජය වීම නිසා එවරද ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමට සිදු විය.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම නිල්ෆාර් ඉබ්‍රහම් මහතාට හිමිවී ඇති අතර ගියවර කණ්ඩායමේ නායකත්වය දැරූ නවීන් හීනකංකානම්ට මෙවරද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත. දිනුක් අමරසිංහ, අවිෂ්ක ලී, චමෝද් ප්‍රනාන්දු, තීක්ෂණ දිසානායක යන ක්‍රීඩකයන් සමගින් මෙවර පාසල් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ගැමුණු චේතිය සහ ජනිදු ඩිල්ෂාන් යන ක්‍රීඩකයෝද මෙවර සංචිතයට එක්ව සිටිති.  

 

ශ්‍රී ලංකා සංචිතය
නවීන් හීනකංකානම්ගේ (ශා. තෝමස්/සී.එච්.ඇන්ඞ් එෆ්.සී), දිනුක් අමරසිංහ (ශා. ඇන්තනීස්/හැව්ලොක්ස්), හරිත් බණ්ඩාර (ඉසිපතන/සී.ආර්. ඇන්ඞ් එෆ්.සී ), අවිෂ්ක ලී (වෙස්ලි/ සී.එච්.ඇන්ඞ් එෆ්.සී), රැන්ඩි සිල්වා (ඉසිපත/හැව්ලොක්ස්), තීක්ෂණ දසනායක (ශා. පීතර ), චතුර සෙනවිරත්න (ශා. ජෝශප්/ නාවික හමුදාව), ගිහාන් පෙරේරා (ශා. ජෝශප් /නාවික ), දිලුක්ෂ ඩෑග් (ත්‍රිත්ව/මහනුවර ක්‍රීඩා සමාජය), හේෂාන් ජැන්සන් (කිංන්ග්ස්වුඞ් /මහනුවර ක්‍රීඩා සමාජය), තුලේබ් හසන් (රාජකීය), ජනිදු ඩිල්ෂාන් (රාජකීය), ගැමුණු චේතිය (ශා. ජෝශප් ),කේෂාන් කවින්ද (ශා. ජෝශප් ), මනුල රත්නායක (ඉසිපතන),මුර්ෂිද් සුබේර් (වෙස්ලි), චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන/සී.ආර් )

 


අදහස් (0)

රග්බි සෙවන්ස් ශූරතාවලිය 10-11

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.