Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු වයස 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිමාලාවේ මැලේසියාවේදී අද (16) අවසන් වූ පළමු අදියර තරගාවලියේ කුසලාන ශූරතා අනු ශූරතාව දිනා ගැනීමට කෙවින් ඩික්සන්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා යොවුන් පිල සමත් විය. හොං කොං පිල ශූරතාව දිනාගත්තේය.
කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී හොං කොං පිල විසින් ලකුණු 29-15 කින් ශ‍්‍රී ලංකා පිල පරාජය කරන ලදි.
කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයේදී පසුගිය වසරේ ශූරයන් වූ සත්කාරක මැලේසියානු පිල ලකුණු 17-12 ක් ලෙස පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ. අර්ධ අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලකුණු 36-7 කින් පරාජය කරන ලදි.
තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (15) පළමු වටයේ පළමු තරගයේදී ශ‍්‍රී ලංකාව ලකුණු 31-5 කින් තායිලන්තය පරාජය කළ අතර හොං කොං පිල හමුවේ ලකුණු 19-24 කින් පරාජය විය.
දෙවැනි අදියර තරගාවලිය මේ මස 22 සහ 23 දෙදින හොං කොං හිදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.