Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 'නිපෝන් පේන්ට්' අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ඊයේ (16 වැනිදා) පැවැති තරගයකදී පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 25-23 ක තියුණු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 12-10 ක් ලෙස පෙරමුණ ගත්හ.
දෙවැනි අර්ධයේදී දෙපිලම ලකුණු 13 බැගින් ලබාගත් නමුත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන තිබූ පරතරය අනුව යුද හමුදාවට තරගයේ ජය හිමිවිය. එහිදී යුද හමුදාව ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ අතර පොලිසිය ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
තරගය තුළදී දෙපිලම ක්‍රීඩක ආදේශ කිරීම් 6 බැගින් සිදුකළ අතර පොලිස් ක්‍රීඩක ප්‍රින්ස් චාමර 77 වැනි විනාඩියේදී කහ කාඩ්පතක් ලැබීය.
- 036
ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.