Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදා ක්‍රීඩිකාවෝ සී.ආර්. පිල පරදවති

යුද හමුදා ක්‍රීඩිකාවෝ සී.ආර්. පිල පරදවති

editorial - 2023 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙම වසරේ (2023) අන්තර් සමාජ පළමු පෙළ කාන්තා රග්බි ලීගය ආරම්භ කරමින් එහි සමාරම්භක තරගය ලෙස යුද හමුදා කාන්තා කණ්ඩායම සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කාන්තා කණ්ඩායම අතර අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29-00 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 29-00 ක ලෙස පෙරමුණ ගත් යුද හමුදා ක්‍රීඩිකාවන්ට, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගැනීමට නොහැකි වූහ. එහෙත් තරගය පුරා සී.එච්. ක්‍රීඩිකාවන්ට එක් ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ වග බලාගත්හ. 

මෙම තරගයේදී යුද හමුදා ක්‍රීඩිකාවෝ, ගෝල දිනුම් 2 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කළහ. එහිදී යුද හමුදා කාන්තා කණ්ඩායම වෙනුවෙන් නෙත්මි කොළඹගේ සහ තත්සරණි උමයංගනා උත්සාහක දිනුම් දෙක බැගින්ද, චාරනි ලියනගේ එක් උත්සාහක දිනුමක්ද ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 2 ක් සාර්ථක කරගනු ලැබුවේද චාරනී ලියනගේ විසිනි. 


අදහස් (0)

යුද හමුදා ක්‍රීඩිකාවෝ සී.ආර්. පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.