Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදා ක්‍රීඩකයෝ පළමු ජය ලබති
අන්තර් සමාජ ලීග් රග්බි

යුද හමුදා ක්‍රීඩකයෝ පළමු ජය ලබති

editorial - 2022 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදාව සහ නාවික හමුදාව අතර අද (4 වැනිදා) හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 18-13 ක ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය. මේ දක්වා තරග 5 කට සහභාගි වී ඇති යුද හමුදා කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.

කණ්ඩායම් දෙකම දඬවම් පහර 2 බැගින් සාර්ථක කරගනිමින් පළමු අර්ධය අවසානයේ ලකුණු 06-06 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. යුද හමුදාව වෙනුවෙන් තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චිද (26 වැනි සහ 34 වැනි විනාඩිවලදී), නාවික හමුදාව වෙනුවෙන් තිලිණ වීරසිංහද (30 වැනි සහ 40 වැනි විනාඩිවලදී) එහිදී දඬවම් පහර 2 බැගින් සාර්ථක කරගත්හ.
 
දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් ලබාගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වෙද්දී, නාවික හමුදාවට ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් පමණි. තගරයේ 44 වැනි විනාඩියේදී ධනුෂ්ක තල්වත්ත යුද හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබාගත්තේය.

යුද හමුදාවේ කළණ දේශප්‍රිය 75 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට ඉසුරු මැදගෙදර සමත් විය. නාවික හමුදාවේ සජිත් සාරංග 79 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ තිළිණ වීරසිංහ විසිනි.

යුද හමුදා කණ්ඩායමේ මංජුල වීරසිංහ තරගයේ 38 වැනි විනාඩියේදීද, නාවික හමුදා කණ්ඩායමේ ගිහාන් පෙරේරා තරගයේ 78 වැනි විනාඩියේදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගය තුළදී යුද හමුදා කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 5 ක්ද, නාවික හමුදාව ක්‍රීඩක ආදේශ කිරීම් 6 ක්ද සිදු කළහ.


අදහස් (0)

යුද හමුදා ක්‍රීඩකයෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.