Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදා ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති
අන්තර් සමාජ පළමු පෙළ

යුද හමුදා ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 29-14 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-07 ක් ලෙස පෙරමුණ ගත් යුද හමුදාව, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 12 ක් ලබා ගත්තේය. දෙවැනි අර්ධයේදීද නාවික හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. එහිදී යුද හමුදාව ගෝල දිනුම් 2 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කළ අතර නාවික හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් මගිනි. 

යුද හමුදාව වෙනුවෙන් දිල්සර කෝදාගොඩ (5 වැනි විනාඩියේදී), නාලන් ප්‍රේමරත්න (16 වැනි විනාඩියේදී), ලසන්ත කුමාර (37 වැනි විනාඩියේදී), ළහිර රත්නායක (62 වැනි විනාඩියේදී), සහ අෂාන් බණ්ඩාර (76 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ අෂාන් බණ්ඩාර විසිනි. 

නාවික හමුදාව වෙනුවෙන් 30 වැනි විනාඩියේදී ළහිරු හේරත්ද, 43 වැනි විනාඩියේදී දිමුත් පෙරේරාද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉසුරු කෝන්ගහවත්ත සහ අනුෂ්ක රමේෂ් පිළිවෙලින් එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගත්හ. එහිදී යුද හමුදාවේ ලසන්ත කුමාර සහ සුදාරක දික්කුඹුර විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූ අතර නාවික හමුදාවේ සවිරු නිම්සික කහ කාඞ්පත් දෙකක් ලැබීමෙන් අනතුරුව රතු කාඞ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගියේය. 


අදහස් (0)

යුද හමුදා ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.