Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිලේ පළමු තරගය හෙට

මහනුවර පිලේ පළමු තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රග්බි ක‍්‍රීඩා සමාජ ලීග් තරගාවලියේ මූලික වටයේදී මහනුවර ක‍්‍රීඩා සමාජ පිල සහභාගි වන පළමු තරගය ඔලිම්ප් ආර්.එෆ්.සී. පිලට එරෙහිව ඩුබායිහිදී හෙට (12) පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ පළමු කොටසේ රග්බි ලීග් ශූරතාව සහ ක්ලිෆර්ඞ් කුසලාන ශූරයන් වීම නිසා මෙම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව මහනුවර ක‍්‍රීඩා සමාජයට උදාවිය.  මෙම තරගාවලියට සහභාගි වන මහනුවර ක‍්‍රීඩා සමාජ පිලේ නායකයා සහ පුහුණුකරු ලෙස ෂෝන් විජේසිංහ කටයුතු කරයි.

ශ්‍රී ලංකා රග්බි පිලේ නායකයා මෙන්ම මහනුවර පිල නියෝජනය කරන ෆාෂීල් මරීජිා ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගාවලියට සහභාගි නොවේ.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ෂෙහාන් පතිරණ, අනුරුද්ධ විල්ලර, රිචඞ් ධර්මපාල, ලවන්ග පෙරේරා සහ නයිජල් රත්වත්ත යන කී‍්‍රඩකයන් හය දෙනාම මෙම සංචාරයෙන් ඉවත්ව සිටිති.

මෙම තරගාවලියට එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ගල්ෆ්, ශ්‍රී ලංකා සහ කසක්ස්තානය යන රටවල දේශීය ශූරතා දිනාගත් කණ්ඩායම් සහභාගි වෙති. ඒ අනුව මෙම තරගාවලියට අබුඩාබි සැරසන්ස් ආර්.එෆ්.සී., දෝහා ආර්.එෆ්.සී, මහනුවර එස්.සී. සහ ඔලිම්ප් ආර්.එෆ්.සී. යන කණ්ඩායම් සහභාගි වෙයි.

මහනුවර පිල සහභාගි වන දෙවැනි තරගය මේ මස 15 වැනිදා අබුඩාබි සැරසන්ස් පිලට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වේ.  

තුන්වැනි තරගය 18 වැනිදා දෝහා රග්බි පාපන්දු කණ්ඩායමට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වේ.


මහනුවර ක‍්‍රීඩා සමාජ කණ්ඩායම
ෂෝන් විජේසිංහ (නායක සහ පුහුණුකරු) කිෂෝ ජෙහාන්, දමිත් දිසානායක, පියුමාල් මංචනායක, සයුරු ඇන්තනී, දිමිත‍්‍රි විජේතුංග, ශෂික ජයවර්ධන, අසිත රත්නායක, බුවනක උඩංගමුව, තිළිණ විජේසිංහ, අර්ෂාඞ් ජමාල්ඞීන්, ධනූෂ දයාන්, තිසිල දේවින්ද, රොෂාන් වීරරත්න, ලෝචන ගිරිහාගම, විශ්වමිත‍්‍ර ජයසිංහ, තරිදු චානක, ඔස්කාර් ඔමාර් සහ කොටො පොන්ගි

 


අදහස් (0)

මහනුවර පිලේ පළමු තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.