Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිල ආසියානු කී‍්‍රඩා සමාජ තරගාවලියට යයි

මහනුවර පිල ආසියානු කී‍්‍රඩා සමාජ තරගාවලියට යයි

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු කොටසේ රග්බි ලීග් සහ ක්ලිෆර්ඞ් කුසලාන ශූරයන් වන මහනුවර ක‍්‍රීඩා සමාජය ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන ආසියානු රග්බි ක‍්‍රීඩා සමාජ ලීග් තරගාවලියට සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 11 වැනිදා සිට 18 වැනිදා දක්වා මැද පෙරදිගදී පැවැත්වේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ආරාබියානු ගල්ෆ්, ශ්‍රී ලංකාව සහ කසක්ස්තානය යන රටවල්වල දේශීය රග්බි ශූරතා දිනාගත් කණ්ඩායම් සහභාගි වෙයි. ඒ අනුව මෙම තරගාවලියට අබුඩාබි සැරසන්ස්, දෝහා රග්බි කී‍්‍රඩා සමාජය, මහනුවර කී‍්‍රඩා සමාජය සහ කසක්ස්තානයේ ඔලිම්ප් රග්බි කී‍්‍රඩා සමාජය. යන කණ්ඩායම් තරග කිරීමට නියමිතය.

 


තරග කාලසටහන

  • සැප්. 11 - දෝහා පිල සහ අබුඩාබි සැරසන්ස් පිල අතර තරගය දෝහාහිදී
  • සැප්. 12 - මහනුවර පිල සහ ඔලිම්ප් පිල අතර තරගය ඩුබායිහිදී
  • සැප්. 15 - අබුඩාබි සැරසන්ස් පිල සහ මහනුවර පිල අතර තරගය අබුඩාබිහිදී
  • සැප්. 15 - දෝහා පිල සහ ඔලිම්ප්  පිල අතර තරගය දෝහාහිදී
  • සැප්. 18 - අබුඩාබි පිල සහ ඔලිම්ප් පිල අතර තරගය ඩුබාහිහිදී
  • සැප්. 18 - මහනුවර පිල සහ දෝහා පිල අතර තරගය ඩුබාහිහිදී


 - 048


අදහස් (0)

මහනුවර පිල ආසියානු කී‍්‍රඩා සමාජ තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.