Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර තවමත් පෙරමුණේ

මහනුවර තවමත් පෙරමුණේ

යොහාන් භාසුර - 2020 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතියේ තරග ආරම්භ වන විට මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 46 ක් හිමිකරගනිමින් අපරාජිතව පළමු ස්ථානයේ රැදී සිටියි. පොලිස් පිල ප්‍රසාද ලකුණු 35 ක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.  

දෙවැනි සතිය යටතේ මහනුවර පිල සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිලට එරෙහිව ද, පොලිස් පිල නාවික හමුදා පිලට එරෙහිව ද, ලබන ඉරිදා (02 වැනිදා) තරග කිරීමට නියමිතය.

ප්‍රසාද ලකුණු සටහනේ වර්තමාන තත්ත්වය අනුව මහනුවර, පොලිස්, හැව්ලොක්ස් සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. යන කණ්ඩායම් ‘ශූරතා’ කුසලාන තරගාවලියට පිවිසීමේ වැඩි ඉඩක් දෙවැනි සතිය වන විටම ප්‍රදර්ශනය වේ.

 

දෙවැනි වටයේ දෙවැනි සතියේ තරග කාලසටහන

● 31 වැනිදා -- ගුවන් හමුදා පිල සහ යුද හමුදා පිල අතර රත්මලානේදී
● 01 වැනිදා - සී. ආර්. පිල සහ හැව්ලොක්ස් පිල අතර සී. ආර්. පිටියේදී
● 02 වැනිදා -- මහනුවර පිල සහ සී. එච්. පිල අතර නිත්තවෙලදී
● 02 වැනිදා - පොලිස් පිල සහ නාවික හමුදා පිල අතර බම්බලපිටියේදී

 


අදහස් (0)

මහනුවර තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.