ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙය වූ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සමත් විය. අනු ශූරතාව පසුගිය වසරේ ශූරයන් වූ නාවික හමුදා පිලට හිමිවිය.
මහනුවර පිල සහ නාවික හමුදා පිල ප‍්‍රසාද ලකු-ණු 68 බැගින් ලබා සම තත්ත්වයේ පසුව ද උත්සාහක දිනුම් අනුව මහනුවර පිලට ශූරතාව හිමිවිය.
මහනුවර ක‍්‍රීඩා සමාජය සහභාගි වූ තරග 14 දී උත්සාහක දිනුම් 74 ක් සම්පූර්ණ කර තිබූ අතර නාවික හමුදා පිල තරග 14 දී උත්සාහක දිනුම් 62 ක් සම්පූර්ණ කර තිබුණි.
හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 61 ක් ලබා තෙවැනි ස්ථානයට පත්විය.
තරගාවලියේ අවසන් තරගය ලෙස මහනුවර පිල සහ නාවික හමුදා පිල අතර තරගයෙන් නාවික හමුදාව ලකුණු 12-11 ක තියුණු ජයක් ලැබීය. මෙහිදී නාවික හමුදාව ලකුණු 8 ක පරතයකින් ජය ලැබුවේ නම් ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව තිබුණි.
ප‍්‍රසාද ලකුණු සටහන
| කණ්ඩායම | තරග | ජය | පරාජ | වි/තො | ලැ/ල | දු/ල | අ/ප‍්‍ර | ප‍්‍ර/ල |
| මහනුවර | 14 | 11 | 2 | 1 | 502 | 217 | 10 | 68 |
| නාවික හමුදාව | 14 | 12 | 2 | ¡ | 442 | 217 | 8 | 68 |
| හැව්ලොක්ස් | 14 | 10 | 4 | ¡ | 399 | 238 | 11 | 61 |
| සී. ආර්. | 14 | 7 | 6 | 1 | 340 | 325 | 9 | 47 |
| යුද හමුදා | 14 | 7 | 7 | ¡ | 289 | 333 | 5 | 35 |
| පොලිස් | 14 | 5 | 9 | ¡ | 304 | 438 | 8 | 33 |
| ගුවන් හමුදා | 14 | 1 | 13 | ¡ | 275 | 517 | 5 | 10 |
කෙටි යෙදුම්: වි/තො - විසඳුමකින් තොර, ලැ/ල - ලැබු ලකුණු, දු/ල - දුන් ලකුණු, අ/ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර/ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.