Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

මහනුවර ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

editorial - 2023 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ ඉකුත් අද (8 වැනිදා) මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදාවට  එරෙහිව ලකුණු 21-18 ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-08 ක් ලෙස මහනුවර කණ්ඩායම පෙරමුණේ පසුවිය. දෙවැනි අර්ධය තුළ මහනුවර කණ්ඩායම ලකුණු 7 ක් ලබාගනිද්දී, නාවික හමුදා කණ්ඩායම ලකුණු 10 ක් ලබාගත්තද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයේ ජය මහනුවර කණ්ඩායමට හිමි විය.

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සමග ලකුණු රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් ලබාගත්හ. පළමු අර්ධයේදී ඩ්‍රොප් ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ නාවික හමුදා කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි.  

ධනුෂ්ක රංජන් 16 වැනි විනාඩියේදීද, උචිත ජයසූරිය 21 වැනි විනාඩියේදීද, ඩේමියන් රත්වත්තේ 50 වැනි විනාඩියේදීද මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම් තුනෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ තරින්ද රත්වත්තේ විසිනි.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් පුලස්ති දසනායක 35 වැනි විනාඩියේදීත්, රදීෂ සෙනෙවිරත්න 66 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් දෙවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත, ඉන් නොනැවතී සිය කණ්ඩායම වෙනුවෙන් ඩ්‍රොප් ගොලයක් ලබාගනිමින්, දඬුවම් පහරක්ද සාර්ථක කරගත්තේය.

මෙම තරගයේ 50 වැනි විනාඩියේදී නාවික හමුදා කණ්ඩායමේ ධනංජය සෙනෙවිරත්න විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබීය.  

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.