Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ යුද හමුදාවට තලති
අන්තර් සමාජ රග්බි

මහනුවර ක්‍රීඩකයෝ යුද හමුදාවට තලති

editorial - 2023 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 33-14 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. 

ආරම්භයේ සිටම කරට කර සටනක නියැළුණු කණ්ඩායම් දෙකම පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14 බැගින් ලබා සම තත්වයේ පසුවිය. කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලි ලෙස තරග වදිමින් ලකුණු 19 ක් රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ, යුද හමුදාවට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදෙමින් තරගයේ ජය තමන් සතුකරගත්හ. 

එහිදී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර යුද හමුදාව ලකුණු රැස්කලේ ගෝල දිනුම් 2 ක් මගිනි. යුද හමුදාව වෙනුවෙන් අෂාන් බණ්ඩාර (14 වැනි විනාඩියේදී) සහ දිල්ෂාන් හෙට්ටිආරච්චි (19 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර ඒවාහි ප්‍රවර්ථන සාර්ථක කරගනු ලැබුවේද දිල්ෂාන් හෙට්ටිආරච්චි විසිනි. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් මිලාන් සාරංග 5 වැනි විනාඩියේදීද, ලක්ෂිත රණවීර 39 වැනි විනාඩියේදීද, වෑවල පණ්ඩිත 53 වැනි විනාඩියේදීද, තුවාන් ඩිල්ෂාන් 57 වැනි සහ 65 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම්වලින් 4 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ ඒවා ගෝල දිනුම් බවට පත් කළේය. 

මෙම තරගයේදී යුද හමුදාව ක්‍රීඩක අදේශ කිරීම් 7 කද, මහනුවර කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 8 කද නිරත වූ අතර යුද හමුදා කණ්ඩයමේ කවීන් පෙරේරා 64 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පතක් ලැබීය. සරත් මඩුගල්ලේ මහතා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය. 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ යුද හමුදාවට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.