Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී වැඩ අල්ලති
අන්තර් සමාජ පළමු පෙළ

මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී වැඩ අල්ලති

editorial - 2023 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ සෙනසුරාදා (30 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 30-13 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද මහනුවර කණ්ඩායමට හැකි විය.
 
තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 06-05 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වුවද, දෙවැනි අර්ධයේදී වැඩ ඇල්ලූ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 25 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.

මහනුවර කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනම් 4 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගනිද්දී, ගුවන් හමුදා කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගිනි. එහිදී මහනුවර  කණ්ඩායමේ ලවංග පෙරේරා (28 වැනි විනාඩියේදී) සහ තරිඳු චතුරංග (79 වැනි විනාඩියේදී) විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඞ්පත් ලැබූහ. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් ලක්ෂිත රණවීර 19 වැනි විනාඩියේදීද, තරිඳු චතුරංග 48 වැනි සහ 77 වැනි විනාඩිවලදීද, සුරංග කසුන් 60 වැනි සහ 70 වැනි විනාඩිවලදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් මෙන්ම 74 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට ආසිරි සෙනෙවිරත්න සමත් විය.  

සදලු මන්දේව් 80 වැනි විනාඩියේ ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් නඳුන් ගුණසේකර එය ගෝල දිනුමක් බවට පත් කළේය. 15 වැනි සහ 38 වැනි විනාඩිවලදී ගුවන් හමුදා කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ ගයන්ත ඉද්දමල්ගොඩ විසිනි. 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී වැඩ අල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.