Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් ගමන අරඹති
අන්තර් සමාජ රග්බි

මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් ගමන අරඹති

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළමු සතිය යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර මහනුවර, නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 22-13 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-03 ක් ලෙස පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 5 ක් රැස්කිරීමට සමත් වූහ. දෙවැනි අර්ධයේදී ලකුණු 10 ක් ලබාගැනීමට සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් වුවද, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය මහනුවර ක්‍රීඩා සමාජය සතුවිය. 

පළමු අර්ධයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස්කළ අතර සී.එච්. කණ්ඩායම ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි. දෙවැනි අර්ධයේදී මහනුවර කණ්ඩායම උත්සාහක දිනුමකට සීමා කළ සී.එච්. ක්‍රීඩකයෝ, එහිදී ගෝල දිනුමක් ලබාගනිමින් දඬුවම් පහරක් සාර්ථක කරගත්හ.  

එහිදී මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තිළිණ බණ්ඩාර සහ නයිජල් රත්වත්තේ උත්සාහක දිනුම් 2 බැගින් ලබාගත් ඉන් එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය. සී.එච්. කණ්ඩායම වෙනුවෙන් අවන්ත ලී උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සහ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ හිරුෂ නෙත්මින විසිනි. 

මෙම තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජයේ නයිජල් රත්වත්තේ විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පතක් ලැබීය. ප්‍රියන්ත ගුණරත්න මහතා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය. 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් ගමන අරඹති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.