Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති
රග්බි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

editorial - 2023 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය යටතේ ඊයේ (28 වැනිදා) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 35-15 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 22-03 ක් ලෙස මහනුවර ක්‍රීඩකයෝ තරගයේ වැඩි වාසි අත්කරගෙන සිටියහ. දෙවැනි අර්ධය තුළ මහනුවර කණ්ඩායම ලකුණු 13 ක් ලබාගනිද්දී, හැව්ලොක්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. ඒ අනුව තරගයේ ජය මහනුවර කණ්ඩායම සතුවිය.  

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් ලබාගනිමින් දඬවම් පහර 2 ක්ද සාර්ථක කරගත්හ. පළමු අර්ධයේදී දඬුවම් පහරකට සීමා වූ හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු ලබාගැනීමට දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් ඇතුළත් විය.

කවිඳු පෙරේරා 2 වැනි විනාඩියේදීද, ශ්‍රීනාත් සූරියබණ්ඩාර 15 වැනි විනාඩියේදීද, තිළිණ බණ්ඩාර 19 වැනි විනාඩියේදීද, තරින්ද රත්වත්තේ 44 වැනි විනාඩියේදීද, මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථන තරින්ද රත්වත්තේ විසින්ද, එක් ප්‍රවර්ථනයක් නයිජල් රත්වත්තේ විසින්ද සාර්ථක කරගනු ලැබිණ. ඉන් නොනැවතුණ තරින්ද, 79 වැනි සහ 81 වැනි විනාඩිවලදී සිය කණ්ඩායමට හිමිවු දඬුවම් පහර 2 ක් සාර්ථක කර ගත්තේය.

හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් ෂෙහාන් ඩයස් 50 වැනි විනාඩියේදීද, දිනූප සෙනෙවිරත්න 57 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට සන්දේෂ් ජයවික්‍රම සමත් වූ අතර 13 වැනි විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට චානක චන්දිමාල් සමත් විය.

මෙම තරගයේදී මහනුවර කණ්ඩායමේ වජිඩ් ෆවුමි (35 වැනි විනාඩියේදී), තිළිණ බණ්ඩාර (54 වැනි විනාඩියේදී) සහ සනුෂ්ක අබේවික්‍රම (58 වැනි විනාඩියේදී) ද, හැව්ලොක්ස් කණ්ඩායමේ නිවංක ප්‍රසාද් (77 වැනි විනාඩියේදී) සහ ක්‍රිස්ටියන් ලී (81 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.