ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ පළමු සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (10) පස්වරුවේ පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 28-19 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.
ජයග්‍රාහි මහනුවර පිල ගෝල 4 කින් ලකුණු 28 රැස් කළේය. ගුවන් හමුදා පිලට ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.
මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-7 ක් ලෙස පෙරමුණේ පසුවූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.