Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - සී.ආර්. අපරාජිතව පෙරට
අන්තර් සමාජ පළමු පෙළ

මහනුවර - සී.ආර්. අපරාජිතව පෙරට

editorial - 2024 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 
(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය නිමාවට පත්වන විට අපරාජිත බව රැකගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. 

මේ දක්වා සහභාගි වූ තරග 4 ම ජයගෙන සිටින මහනුවර ක්‍රීඩකයෝ, ප්‍රසාද ලකුණු 4 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 24 කි. සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයද මෙතෙක් සහභාගි වූ තරග 4 ම ජයගැනීමට සමත්ව සිටින නමුත්, ප්‍රසාද ලකුණු 3 කට පමණක් හිමිකම් කීම හේතුවෙන් ඔවුහු ලකුණු 23 ක් ලබා මහනුවර කණ්ඩායමට වඩා පියවරක් පසුපසින් සිටියි. 

තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජය වුවද, ප්‍රසාද ලකුණ 3 ලබා සිටින හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 18 ක් සමග ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. තරග 2 ක් ජයගෙන ඇති සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 2 ක් සමග මුළු ලකුණු 12 කට හිමිකම් කියමිනි. 

 

සිවුවැනි සතියේ තරග ප්‍රතිඵල 
■ යුද හමුදාව ලකුණු 29-14 කින් නාවික හමුදාව පරදවයි. 
■ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 28-23 කින් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවයි.  
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 30-13 කින් ගුවන් හමුදාව පරදවයි. 
■ හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 16-05 කින් පොලිසිය පරදවයි. 

 

අදහස් (1)

මහනුවර - සී.ආර්. අපරාජිතව පෙරට
  • W. A. T. Surendra Tuesday, 02 January 2024 08:40 PM

    සියලුම තරගවල ප්‍රථිපල දමන්න. කෙටියෙන් හෝ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.