Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - සී. ආර්. අවසන් තරගයට

මහනුවර - සී. ආර්. අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්ලිෆඞ් කුසලාන අන්තර් සමාජ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ සමත්වුහ. මහනුවර ක‍්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක‍්‍රීඩා සමාජය අතර පල්ලෙකැලේ ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩාංගණයේදී ඉරිදා (20) පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 37-27 ක ජයක් ලැබීය.


තරගයේ ආරම්භයේ සිට ප‍්‍රතිවාදීන්ගේ පීඩනයෙන් මිදී වේගයෙන් ලකුණු රැස් කළ මහනුවර ක‍්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසානයේදී ලකුණු 34/10 ක් ලෙස පෙරමුණ ගත්හ. කෙසේ වෙතත් දෙවැනි භාගයේදී තරගයට අවතීර්ණ වු නාවික හමුදා ක‍්‍රීඩකයන් ලකුණු 17 ක්ම ලබා ගත් අතර මහනුවර ක‍්‍රීඩා සමාජයට දෙවැනි අර්ධයේදී ලකුණු ලබා ගැනීමට හැකි වුයේ දඩුවම් පහරකින් පමණි.


ජයග‍්‍රහී මහනුවර ක‍්‍රීඩා සමාජය උත්සාහක දිනුම් හතරකින්, ගෝල දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. නාවික හමුදාව උත්සාහක දිනුම් දෙකකින්, ගෝල දෙකකින් සහ ද`ඩුවම් පහරකින් ලකුණු එකතු විය.


මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව දිනාගත් මහනුවර ක‍්‍රීඩා සමාජය පසුගියදා නිමා වු අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවද පිට පිට දෙවැනි වරටත් දිනාගත් කණ්ඩායමයි.


මෙවර ක්ලිෆඞ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී මහනුවර කී‍්‍රඩා සමාජයට මුණ ගැසෙන ප‍්‍රතිවාදී ක‍්‍රීඩා සමාජය වන්නේ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජයයි.


 මෙහි පළමු අවසන් පුර්ව තරගයේදී හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය පරදවා සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජය ලකුණු 34/27 ක ජයක් ලැබීය.


-090

 


අදහස් (0)

මහනුවර - සී. ආර්. අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.