Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මරීජා නායකත්වයෙන් සමුගනී

මරීජා නායකත්වයෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායක ෆාෂීල් මරීජා නායකත්වයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. එසේ වුවත් ශ්‍රී ලංකා ප‍්‍රධාන කණ්ඩායමේ සහ සත් සාමාජික කණ්ඩායමේ ක‍්‍රීඩකයකු ලෙස මරීජා තව දුරටත් ක‍්‍රීඩා කිරීමට නියමිතය.  

ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්‍ෂ රග්බි ක‍්‍රීඩකයකු වන මරීජා 2012 වසරේ සිට සත් සාමාජික පිලේ නායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල පසුගිය වසර හතරක පමණ කාලය තුළ ලැබූ සාර්ථකත්වය පිටුපස මරීජාගේ සහභාගිත්වය වඩාත් තීරණාත්මක සාධකයක් බවට පත් වී තිබිණ. මරීජා වසර කීපයක්ම ශ්‍රී ලංකා ප‍්‍රධාන කණ්ඩායමේ ද නායකයා ලෙස කටයුතු කළේය.

මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන මරීජා 29 වැනි වියේ පසු වෙයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ සිවුවැනි අදියර හෙට සහ අනිද්දා (10-11) කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

මරීජා නායකත්වයෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.