Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මධ්‍යම පළාත් ශූරතාව ති‍්‍රත්ව විදුහලට
සත් සාමාජික පාසල් රග්බි

මධ්‍යම පළාත් ශූරතාව ති‍්‍රත්ව විදුහලට

editorial - 2021 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ මධ්‍යම පළාත් ශූරතාව දිනාගැනීමට මහනුවර ති‍්‍රත්ව විදුහල අද (27 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ලකුණු 33-07 ක පහසු ජයක් වාර්තා කරමින් ති‍්‍රත්ව විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.

ගෝල දිනුම් 2 ක් සමග ලකුණු රැුස්කළ ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-07 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. කිංග්ස්වුඩ් කී‍්‍රඩකයන්ට පළමු අර්ධයේදී ලබාගත හැකි වූයේ ගෝල දිනුමක් පමණි. දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහ දිනුමක් ලබාගත් ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ, එම අර්ධයේදී කිංග්ස්වුඩ් කී‍්‍රඩකයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා නොදුන්හ.

පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 32-19 ක ජයක් වාර්තා කරමින් ති‍්‍රත්ව විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කිංග්ස්වුඩ් විදුහල අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 43-00 ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරමිනි.

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් මහනුවර ති‍්‍රත්ව විදුහල් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට මහනුවර ධර්මරාජ විදුහලත්, බඳුන ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලත්, පළිහ ශූරතාව දිනාගැනීමට කටුගස්තොට ශී‍්‍ර රාහුල විදුහලත් සමත් විය.

පළඟ අවසන් මහ තරගයේදී ධර්මරාජ හමුවේ ලකුණු 26-14 ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහලත්, බඳුන අවසන් මහ තරගයේදී විද්‍යාර්ථ විදුහල හමුවේ ලකුණු 21-12 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත්, පළිහ අවසන් මහ තරගයේදී ශී‍්‍ර රාහුල විදුහල හමුවේ ලකුණු 26-10 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයත් පරාජයට පත්විය.

මෙම තරගාවලියේ වයඹ පළාත් තරගාවලිය හෙට (28 වැනිදා) කුරුණෑගල මලියදේව විදුහල් කී‍්‍රඩාංගණයේදීත්, සබරගමුව පළාත් තරගාවලිය 30 වැනිදා රුවන්වැල්ල කී‍්‍රඩාංගණයේදීත්, දකුණු පළාත් තරගාවලිය 31 වැනිදා ගාල්ල ශාන්ත ඇලවීෂීයස් විදුහල් කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.


කුසලාන ශූරතාව
මහනුවර ති‍්‍රත්ව විදුහල විසින් ලකුණු 33-07 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරන ලදි.

පළඟ ශූරතාව  
මහනුවර ධර්මරාජ විදුහල විසින් ලකුණු 26-14 ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරන ලදි.

බඳුන ශූරතාව
මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 21-12 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.

පළිහ ශූරතාව
කටුගස්තොට ශී‍්‍ර රාහුල විදුහල විසින් ලකුණු 26-10 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදි.

 

(ඡායාරූපය - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

මධ්‍යම පළාත් ශූරතාව ති‍්‍රත්ව විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.