Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby බස්නාහිර පළාත් ‘බී’ කාණ්ඩයේ ශූරතාව පිළියන්දලට
පාසල් රග්බි

බස්නාහිර පළාත් ‘බී’ කාණ්ඩයේ ශූරතාව පිළියන්දලට

editorial - 2021 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනූ පිළියන්දල මැදි විදුහල් කණ්ඩායම

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ බස්නාහිර පළාත් ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට පිළියන්දල මැදි විදුහල අද (18 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී කොළඹ කේරි විදුහලට එරෙහිව ලකුණු 24-12 ක ජයක් වාර්තා කරමින් පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

පළමු අවසන් පූර්ව තරගයේදී මොරටු විද්‍යාලයට එරෙහිව ලකුණු 10-07 ක ජයක් වාර්තා කරමින් කේරි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. පිලියන්දල මැදි විදුහල අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 17-12 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමිනි.

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට කොටහේන ශාන්ත බෙනඩික් විදුහලත්, බඳුන ශූරතාව දිනාගැනීමට කොළඹ මහානාම විදුහලත්, පළිහ ශූරතාව දිනාගැනීමට කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහලත් සමත් විය.

පළිහ අවසන් මහ තරගයේදී කන්නංගර විදුහල හමුවේ ලකුණු 19-05 ක් ලෙස පාදුක්ක සිරි පියරතන විදුහලත්, බඳුන අවසන් මහ තරගයේදී මහානාම විදුහල හමුවේ ලකුණු 21-05 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලත්, පළඟ අවසන් මහ තරගයේදී ශාන්ත බෙනඩික් විදුහල හමුවේ ලකුණු 29-00 ක් ලෙස මොරටු විද්‍යාලයත් පරාජයට පත්විය.

 

කුසලාන අවසන් මහ තරගය
පිළියන්දල මැදි විදුහල විසින් ලකුණු 24-12 ක් ලෙස කොළඹ කේරි විදුහල පරාජය කරන ලදි.

පළඟ අවසන් මහ තරගය
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල විසින් ලකුණු 29-00 ක් ලෙස මොරටු විද්‍යාලය පරාජය කරන ලදි.

බඳුන අවසන් මහ තරගය
කොළඹ මහානාම විදුහල විසින් ලකුණු 21-05 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පරාජය කරන ලදි.

පළිහ අවසන් මහ තරගය
කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල විසින් ලකුණු 19-05 ක් ලෙස පාදුක්ක සිරි පියරතන පරාජය කරන ලදි.

පළඟ ශූරතාව දිනාගත් කොටහේන ශාන්ත බෙනඩික් විදුහල

 

බඳුන ශූරතාව දිනාගත් කොළඹ මහානාම විදුහල

 

පළිහ ශූරතාව දිනාගත් කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල

(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

බස්නාහිර පළාත් ‘බී’ කාණ්ඩයේ ශූරතාව පිළියන්දලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.