Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසියෙන් නාවික හමුදාවට ප්‍රහාරයක්
අන්තර් සමාජ රග්බි

පොලිසියෙන් නාවික හමුදාවට ප්‍රහාරයක්

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළමු සතිය යටතේ පොලිසිය සහ නාවික හමුදාව අතර තිඹිරිගස්යාය පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 41-22 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 31-08 ක් ලෙස පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 10 ක් එක්කර ගැනීමට සමත් වූහ. දෙවැනි අර්ධයේදී ලකුණු 14 ක් ලබාගැනීමට නාවික හමුදාව සමත් වුවද, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය පොලිසිය සතුවිය. 

පළමු අර්ධයේදී පොලිසිය ගෝල දිනුම් 3 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස්කළ අතර නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. දෙවැනි අර්ධයේදී පොලිසිය ගෝල දිනුමක් ලබාගනිමින් දඬුවම් පහරක් සාර්ථක කරගනිද්දී, නාවික හමුදාව ගෝල දිනුම් 2 ක් ලබා ගත්තේය. 

එහිදී පොලිසිය වෙනුවෙන් හිරන්ත පෙරේරා උත්සාහක දිනුම් 2 ක් ලබාගත් අතර යොමාල් සාරංග, මොහොමඞ් ෆවුමි, සුජාන් කොඩිතුවක්කු සහ මතීෂ ජනංග පෙරේරා උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 4 ක් සහ සිය කණ්ඩායමට හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට ප්‍රින්ස් චාමර සමත් විය.  

නාවික හමුදාව වෙනුවෙන් තිළිණ වීරසිංහ, ධනංජය සෙනෙවිරත්න සහ දිමුතු පෙරේරා උත්සාහක දිනුම් ලබාගනිද්දී, එම උත්සාහක දිනුම් 3 න් 2 ක ප්‍රවර්ථන සහ නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ තිළිණ වීරසිංහ විසිනි. 

මෙම තරගයේදී පොලිසියේ ආකාෂ් මධුෂංක සහ නාවික හමුදාවේ ප්‍රදීප් රණවීර විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. ඉෂංක අබේකෝන් මහතා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය. 


අදහස් (0)

පොලිසියෙන් නාවික හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.