Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසියට පෙරළිකාර ජයක්
අන්තර් සමාජ රග්බි

පොලිසියට පෙරළිකාර ජයක්

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

  
(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ ඉකුත් සෙනසුරාදා (21 වැනිදා) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 21-19 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 14-12 ක් ලෙස පොලිස් ක්‍රීඩකයෝ පෙරමුණේ පසුවූහ. දෙවැනි අර්ධය තුළ කණ්ඩායම් දෙකම ලකුණු 7 බැගින් ලබාගත්ද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයේ ජය පොලිසියට හිමි විය.

පළමු අර්ධයේදී පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සමගින්ද, හැව්ලොක්ස් කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගින්ද ලබාගත්හ. දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකම ලකුණු රැස්කළේ ගෝල දිනුමක් බැගින් වාර්තා කරමිනි.

නිසල් සමාධි 11 වැනි විනාඩියේදීද, ශානක හරිස්චන්ද්‍ර 19 වැනි විනාඩියේදීද, යොහාන් පීරිස් 47 වැනි විනාඩියේදීද පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් තුනෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ යොහාන් පීරිස් විසිනි.

හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් චානක චන්දිමාල් 6 වැනි විනාඩියේදීද, රන්දිත වර්ණපුර 23 වැනි විනාඩියේදීද, විමුක්ති රාහුල 50 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට සන්දේෂ් ජයවික්‍රම සමත් විය.

මෙම තරගයේදී පොලිස් කණ්ඩායමේ රුක්ෂාන් මධුෂංක (39 වැනි විනාඩියේදී) ද, හැව්ලොක්ස් කණ්ඩායමේ රන්දිත වර්ණපුර (43 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

 


අදහස් (0)

පොලිසියට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.