Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසිය පළමු ජය ලබයි
රග්බි ලීගය

පොලිසිය පළමු ජය ලබයි

editorial - 2023 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ අද (6 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 21-15 ක ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. මෙවර තරගාවලියේදී පොලිසිය ලැබූ පළමු ජයද මෙය විය. 

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 14-10 ක් ලෙස පොලිසිය පෙරමුණේ පසුවිය. එහිදී පොලිසිය ගෝල දිනුම් දෙකක් මගින්ද, ගුවන් හමුදාව ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්තේය. දෙවැනි අර්ධයේදී පොලිසිය තවත් ගෝල දිනුමක් ලබාගනිද්දී, ගුවන් හමුදාවට ලබාගත හැකි වූයේ උත්සාහක දිනුමක් පමණි. 

පොලිසිය වෙනුවෙන් නිසල් සමාධි (13 වැනි විනාඩියේදී) සහ හෂාන් ප්‍රනාන්දු (37 වැනි විනාඩියේදී) පළමු අර්ධයේදීද, මොහොමඩ් ෆවුමි (43 වැනි විනාඩියේදී) දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් තුනෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ යොහාන් පීරිස් විසිනි. 

තරගයේ 6 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් නුවන් පෙරේරා, ඉන් නොනැවතී 18 වැනි විනාඩියේදී නිරෝෂන් රාජනායක ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගත්තේය. 51 වැනි විනාඩියේදී ගුවන් හමුදාව වෙනුවෙන් පරාක්‍රම රත්නායක උත්සාහක දිනුමක් ලබාගත්තේය. 

පොලිස් කන්ඩායමේ මොහාන් විමලරත්න තරගයේ 26 වැනි විනාඩියේදීද, හෆීස් තබීත් 74 වැනි විනාඩියේදීද, ධනුෂ්ක එදිරිසූරිය 79 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ පැහැති කාඩ්පත් ලැබූහ. ප්‍රියන්ත ගුණරත්න මහතා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.

 

(ඡායාරූප - ප්‍රදීප් දිල්රුක්ෂණ)


අදහස් (0)

පොලිසිය පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.