Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිස් - යුද හමුදා සටන පස්වැනි සතිය අරඹයි
අන්තර් සමාජ රග්බි ලීගය

පොලිස් - යුද හමුදා සටන පස්වැනි සතිය අරඹයි

editorial - 2024 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය ආරම්භ කරමින් පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය හෙට (5 වැනිදා) පස්වරු 3.45 ට තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වනු ඇත. 

සිවුවැනි සතියේ පැවැති තරගවලදී ලකුණු 29-14 කින් නාවික හමුදාව පරාජය කිරීමට යුද හමුදාව සමත් වූ නමුත්, හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 16-05 කින් පොලිසිය පරාජයට පත් විය. මේ දක්වා යුද හමුදාව මෙන්ම පොලිසියද ජයගැනීමට සමත්ව ඇත්තේ එක් තරගය බැගින් පමණි. 

මේ වන විට යුද හමුදාව ලකුණු 8 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේද, පොලිසිය ලකුණු 6 ක් ලබා එහි හයවැනි ස්ථානයේද රැදී සිටියි. ඒ අනුව ලකුණු සටහනේ මුල් ස්ථාන 4 ට පැමිණෙමින් කුසලාන වටයට සිදුසුකම් ලැබීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරයේ ජය ඉතා වැදගත් වී තිබේ. 

පස්වැනි සතියේදී පැවැත්වෙන කාන්තා තරගය සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අනිද්දා (6 වැනිදා) පස්වරු 2.30 සිට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයෙන් අනතුරුව සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර පිරිමි තරගයද එදිනම එම ක්‍රීඩාංගණයේදීම පස්වරු 3.45 සිට පැවැත්වෙනු ඇත. 

පස්වැනි සතියේ තවත් තරග දෙකක් අනිද්දා සහ 7 වැනිදා පැවැත්වෙන අතර එහිදී පිළිවෙලින් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදාව කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදීද, හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත. එම තරග දෙකම පස්වරු 3.45 ට ආරම්භ වීමට නියමිතය. 


පස්වැනි සතියේ තරග කාලසටහන 
■ ජන. 5 - පොලිසිය සහ යුද හමුදාව අතර තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී
■ ජන. 6 - නාවික හමුදාව සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 
■ ජන. 6 - සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී
■ ජන. 7 - මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

පොලිස් - යුද හමුදා සටන පස්වැනි සතිය අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.