Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක්‍රීඩා පිටියේ සම්ප්‍රදායික ප්‍රතිවාදීන් ලෙස විරුදාවලිය ලත් මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිල අතර ඊයේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැති ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් පාසල් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 12-31 ක ජයක් වාර්තා කළ සාන්ත පීතර විදුහල් පිල කුසලානය අත්පත් කරගත්තේය.
අවසන් තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ සාන්ත පිතර විදුහල් පිලේ තීක්ෂණ දසනායක උත්සාහක දිනුම් 4 ක් තැබීමට සමත්වීම කැපී පෙනුණි. තරගයේ පළමු භාගය නිමාවනවිට සාන්ත පීතර විදුහල ලකුණු 19-12 කින් පෙරමුණ ගත්තේය.
තරග ප්‍රතිඵල -
■ කුසලාන වටයේ අවසන් තරගයේදී සාන්ත පීතර විදුහල විසින් ලකුණු 31-12 කින් සාන්ත ජෝශප් විදුහල පරාජය කරන ලදි.
■ පළඟ ශූරතා අවසන් තගරයේදී ඉසිපතන විදුහල විසින් ලකුණු 29-0 කින් වෙස්ලි විදුහල පරාජය කරන ලදි.
■ පළිහ ශූරතා අවසන් තරගයේදී සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 31-7 කින් වේල්ස් කුමර විදුහල පරාජය කරන ලදි.
■ බඳුන ශූරතා අවසන් තරගයේදී සහිරා විදුහල විසින් ලකුණු 24-21 කින් ඩී.එස්.සේනානායක විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.