Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පීතරයෝ 32 – 03 කින් විද්‍යාර්ථය පරදවති

පීතරයෝ 32 – 03 කින් විද්‍යාර්ථය පරදවති

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ඩයලොග් කුසලාන අන්තර් පාඨශාලීය රග්බි තරගාවලියේ තරගයකදී ශාන්ත පීතර විදුහල විසින් විද්‍යාර්ථ විදුහල ලකුණු 32 – 03 ක් ලෙසින් පරාජය කරන ලදි. මෙම තරගය සෙනසුරාදා නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

මෙම තරගයේ ප්‍රථම අර්ධයේ පීතරයන්ට  එරෙහිව විද්‍යාර්ථ ක්‍රීඩකයන් ප්‍රබල සටනක් දුන්නද හොඳින් වැඩුනු ක්‍රීඩකයන් වූ ශාන්ත පීතර ක්‍රීඩකයන් ඉදිරියේ දෙවැනි අර්ධයේදී පසු බැසීමට විද්‍යර්ථයට සිදුවිය.

ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 10 – 00 ක් වශයෙන් පැවැති මෙම තරගයේදී ජයග්‍රාහී ශාන්ත පීතර පිල ගෝල දිනුම් 02 ක් සහ උත්සාහක දිනුම් 04 ක් මගින් ලකුණු රැස් කළේය. විද්‍යාර්ථ පිල දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙම ක්‍රීඩා පිටියේදී මීට පෙර කටුගස්තොට ශාන්ත අන්තෝනි පිලත් ත්‍රිත්ව පිලත් අතර පැවැති රග්බි තරගය සඳහා ක්‍රීඩා ලෝලීන් සහභාගි කර නොගත්තද මෙම තරඟය ක්‍රීඩා ලෝලීන්ට විවෘතව තැබීම විශේෂ සිදුවීමක් විය.

තරග විනිසුරු ඉසුර පෙරේරා මහතාගේ ප්‍රථම නළා හඬින් තරගය ආරම්භ වි පළමු විනාඩියේදිම විද්‍යාර්ථ පිල අන්දමන්ද කරමින් ඉදිරි ආරක්ෂක වැට කඩා ගෙන ගොස් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත පීතර පිලේ සෙනුර පෙරේරා සමත් විය. ඉන් විනාඩි 8 කට පසු නැවතත් විද්‍යාර්ථ ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට ශාන්ත පීතර පිලේ අකලංක පෙරේරා සමත් විය. කෙසේ වෙතත් එම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්තන අසාර්ථක විය.

දෙවැනි අර්ධය ආරම්භ වි තුන්වැනි විනාඩියේදී මීටර 20 සීමාවේ දී විද්‍යාර්ථ පිල වෙත ප්‍රදානය කෙරුණු දඬුවම් දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට මේනක තිලකරත්න සමත් විය. ඉන් අනතුරුව සාන්ත පීතරයන් ඔවුන්ගේ ජයග්‍රාහි ගමන යාමට ආරම්භ කළ අතර 05 වැනි විනාඩියේදී යොහාන් ප්‍රනාන්දු විසින්ද 20 වැනි විනාඩියේදී තේනුක නානායක්කාර විසින් ද උත්සාහක දිනුම් වාර්තා කරන ලදි. එම උත්සාහක දිනුම් දෙකම තේනුක නානායක්කාර විසින් ගෝල දිනුම් බවට පත් කරන ලදි.

25 වැනි සහ 30 වැනි විනාඩි වලදී සාන්ත පීතර පිලේ ඉශාන් ප්‍රනාන්දු සහ තේනුක නානායක්කාර තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තන අසාර්ථක විය.

 


අදහස් (0)

පීතරයෝ 32 – 03 කින් විද්‍යාර්ථය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.