Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය සෙනසුරාදා (18 වැනිදා) සිට ආරම්භ වීමට නියමිතය. පාසල් 50 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය බස්නාහිර, මධ්‍යම, දකුණ, වයඹ සහ සබරගමුව යන පළාත් 5 යටතේ කි‍්‍රයාත්මක වේ. බස්නාහිර පළාතෙන් පමණක් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන්, මාස 21 කට පසුව, (2020 - මාර්තු මාසයෙන් පසුව) පැවැත්වෙන පළමු පාසල් රග්බි තරගාවලිය මෙයයි. දැඩි සෞඛ්‍ය විදිවිධාන සැලකිල්ලට ගනිමින් තරග පැවැත්වෙනු ඇත.
බස්නාහිර පළාතේ තරග ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි ‘ඒ’ කාණ්ඩය යටතේ පාසල් 12 ක්ද, ‘බී’ කාණ්ඩය යටතේ පාසල් 10 ක්ද තරග වැදීමට නියමිතය. ඉන් ‘බී’ කාණ්ඩයේ තරග සෙනසුරාදාත් (18 වැනිදා), ‘ඒ’ කාණ්ඩයේ තරග ඉරිදාත් (19 වැනිදා) කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ.
පාසල් 8 ක් සහභාගී වන මධ්‍යම පළාත් තරගාවලිය මේ මස 27 වැනිදා පල්ලෙකැලේ ති‍්‍රත්ව විද්‍යාලයීය රග්බි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වන අතර පාසල් 7 ක් සහභාගී වන වයඹ පළාත් තරගාවලිය මේ මස 28 වැනිදා කුරුණෑගල රග්බි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
සබරගමුව පළාත් තරගාවලිය පාසල් 5 ක සහභාගීත්වයෙන් මේ මස 30 වැනිදා රුවන්වැල්ල රග්බි කී‍්‍රඩාංගණයේදීත්, දකුණු පළාත් තරගාවලිය පාසල් 8 ක සහභාගීත්වයෙන් මේ මස 31 වැනිදා කොග්ගල රග්බි කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.
ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග‍්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ඩයලොග් ටීවී නාලිකා අංක 140 ඔස්සේත්, ඩයලොග් වීයූ දුරකතන මෘදුකාංගය ඔස්සේත්, ආසියානු රග්බි නිල ෆේස්බුක් පිටුව ඔස්සේද සජීවී ලෙසින් විකාශය කෙරෙනු ඇත.
තරගාවලියට සහභාගි වන පාසල්
බස්නාහිර පළාත් ‘ඒ’ කාණ්ඩය
කොළඹ රාජකීය විදුහල, කොළඹ සහිරා විදුහල, කොළඹ ආනන්ද විදුහල, කොළඹ වෙස්ලි විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, මරදාන ශාන්ත ජෝෂප් විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ඞී.එස්. සේනානායක විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල
බස්නාහිර පළාත් ‘බී’ කාණ්ඩය
කොළඹ මහානාම විදුහල, කොළඹ කේරි විදුහල, කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල, පාදුක්ක සිරි පියරතන විදුහල, මොරටු විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විදුහල, පිළියන්ද මැදි විදුහල, කොළඹ නාලන්දා විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල
මධ්‍යම පළාත
මහනුවර ති‍්‍රත්ව විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර ශ්‍රී රාහුල විදුහල, මහනුවර කිංග්ස්වුඞ් විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල
දකුණු පළාත
ගාල්ල ශාන්ත ඇලවීෂීයස් විදුහල, ගාල්ල මහින්ද විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල, මාතර රාහුල විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, දෙබරවැව මැදි විදුහල, මාතර ශාන්ත සර්වේෂස් විදුහල
වයඹ පළාත
කුරුණෑගල මලියදේව විදුහල, කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, ඉබ්බාගමුව මැදි විදුහල, කුරුණෑගල වෙලගෙදර විදුහල, කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහල සහ කුලියාපිටිය මැදි විදුහල
සබරගමුව පළාත
ඇහැලියගොඩ මැදි විදුහල, තල්දූව මහ විදුහල, කෑගලූ විද්‍යාලය, දෙහි ඕවිට මහ විදුහල සහ මාවනැල්ල සහිරා විදුහල
ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ සමූහ අළෙවි ප‍්‍රධාන නිලධාරිණී අමලි නානායක්කාර මහත්මිය විසින් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති බී.ඒ. අබේරත්න මහතාට තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රධානය කරනු ලැබූ අවස්ථාව. කී‍්‍රඩා සහ යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, කී‍්‍රඩා අමාත්‍යංශ කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කේ.ඒ.පී. කිරිඇල්ල, ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක, රග්බි උපදේශන කමිටුවේ ප‍්‍රධානී අසංග සෙනෙවිරත්න, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරත්න සහ අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ දයා බණ්ඩාර යන මහත්වරුද ඡායාරූපයේ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.