Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පාසල් රග්බි තරග කල්යයි

පාසල් රග්බි තරග කල්යයි

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර)

අන්තර් පාසල් ‘ඩයලොග්’ කුසලාන වයස 19 න් පහළ ලීග් තරගාවලියේ තරග දෙකක් හැර ඉදිරි සියලුම තරග දින නියමක් නොමැතිව ලක්දැමූ බව පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න මහතා අද (13 වැනිදා) පස්වරුවේ පැවසීය. කෙසේ වෙතත් මෙම සතියේ මහනුවරදී පැවැත්වෙන තරග දෙකක් පමණක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අවසර දී තිබේ

ශාන්ත පීතර විදුහල සහ විද්‍යාර්ථ විදුහල නිත්තවෙල පිටියේද, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර මහනුවරදී හෙට (14) පැවැත්වෙන තරග දෙක පමණක් පැවැත්වේ.  

කොළඹ රාජකීය විදුහලේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේ පාසල් රග්බි සංගමය මෙම තීරණයට එළඹ තිබේ.

“තරග පැවැත්වීම පිළිබඳව විදුහල්පතිවරු කීපදෙනකුම විරෝධය පළ කළා. ශාන්ත පීතර සහ ඩී. සේනානායක යන කණ්ඩායම් මේ වන විටත් මහනුවරට ගිහින් ඉන්නේ. ඒ නිසා එම තරග පැවැත්වීමට තීරණය කළා”

“අපි සතියක් විතර බලනවා. දැනට දින නියමක් නොමැතිව කල්දාලා තියෙන්නේ” යැයි අබේරත්න මහතා වැඩි දුරටත් පැවසීය.  
     
කිංග්ස්වුඞ් විදුහල සහ රාජකීය විදුහල අතර සී. ආර්. පිටියේදී ඉරිදා (15 වැනිදා) පැවැත්වීමට නියමිත තරගය සඳහා සහභාගි වීමට කිංග්ස්වුඞ් විදුහල් පිල හෙට පස්වරුවේ කොළඹ බලා පිටත් වීමට නියතමිතව තිබුණි. එහෙත් මෙම තරගයද පැවැත්වීමට අවසර නැත.

මහනුවරට පැමිණ සිටි පාසලක නිලධාරියකු පැවසුවේ කොළඹ මහ ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි නම් පැය දෙකක තරග කල්දැමීම පිටු පස වෙනත් කරුණක් ඇති බව පැහැදිළි බවයි.

“එක කණ්ඩායමක ක්‍රීඩකයන් කීපදෙනකු ආබාධයන්ට ලක්ව සිටිනවා. කොරෝනාවලට මුවාවෙලා ඒ ක්‍රීඩකයන් සුව අතට පත්වන තෙක් තරග කල්දැමීම තමයි මේ උපක්‍රමය” යැයිද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

පුස්තකාල ඡායාරූපය : ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

පාසල් රග්බි තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.