Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පාකිස්තානයෙන් රග්බි ක්‍රීඩා භාණ්ඩ

පාකිස්තානයෙන් රග්බි ක්‍රීඩා භාණ්ඩ

යොහාන් භාසුර - 2020 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ රග්බි ක්‍රීඩා භාණ්ඩ තොගයක් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා විසින් ශ්‍රී ලංකා රග්බි සංගමයට ප්‍රදානය කරන ලදී. ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයේදී ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න මහතා මෙම උපකරණ තොගය බාරගත්තේය.

මෙහිදී පාකිස්තානු කොමසාරිස්වරයා පැවසුවේ දෙරටේ ජනතාවගේ දියුණුව සඳහා රටවල දෙක අතර සහයෝගීතාව වඩාත් වැදගත් බවයි.

 


පාකිස්තානු මහ කොමසාරිස් මුහම්මද් සාද් ඛට්ටක් මහතා විසින් ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න මහතාට රග්බි පන්දුවක් පිරිනමන ලද අවස්ථාව.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
 


අදහස් (0)

පාකිස්තානයෙන් රග්බි ක්‍රීඩා භාණ්ඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.