Last Update  :  2024-03-28 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පළමු පෙළ රග්බි තරගාවලියට අවසර ඉල්ලයි

පළමු පෙළ රග්බි තරගාවලියට අවසර ඉල්ලයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2020 - 2021) ලබන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ නියමිත පරිදි තරගාවලිය ආරම්භ කිරීමට දැන් සිටම සැළසුම් කළ යුතු බවයි.

“පළමු කොටසේ ලීග් තරගාවලිය සාමාන්‍යයෙන් නොවැම්බර් මාසෙ ආරම්භ කරනවා. ඒ සඳහා ක්‍රීඩා සමාජත් සූදානම් වියයුතුයි. ඒ නිසා අපි සෞඛ්‍ය අමා්‍යංශයෙන් නොවැම්බර් මස තරගාවලිය ආරම්භ කරන්න අවසර ඉල්ලුවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් 2019 වසරේ තරගාවලිය අවසන් කිරීමට නොහැකි වූ අතර ‘සුපිරි’ අදියර අවලංගු කර මහනුවර ක්‍රීඩා සමාජය ශූරතාව පිරිනැමීය.

මාර්තු මස 20 වැනිදා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය පනවා මැයි මස ඉවත්කිරීමෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කිසිඳු ප්‍රධාන රග්බි තරගාවලියක් පවත්වා නොමැත.  

 


අදහස් (0)

පළමු පෙළ රග්බි තරගාවලියට අවසර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.