Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පළමු අදියරේ ජය සී.එච්. පිලට

පළමු අදියරේ ජය සී.එච්. පිලට

editorial - 2021 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ‘ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියරේ තරගයේදී  සී.එච්. සහ එෆ්.සී. ක‍්‍රීඩා සමාජය විසින් ලකුණු 23-21 ක් ලෙස ගුවන් හමුදා රග්බි කණ්ඩායම පරාජය කරන ලදි. මෙම තරගය අද (13 වැනිදා) කුරැණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ පළමු අර්ධය අවසන් වන විටම ලකුණු 13-6 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.එච්. ක‍්‍රීඩකයෝ සමත් වූහ.  එහිදී සුදම් සූරියාරච්චි සී.එච්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර තේනුක නානායක්කාර එහි ප‍්‍රවර්ථනය සාර්ථක කරගත්තේය. තේනුක නානායක්කාර පළමු අර්ධය තුළදී සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක්ද සාර්ථක කරගත්තේය.

ගුවන් හමුදා කණ්ඩායම දඬුවම් පහර 2 ක් මගින් පළමු අර්ධය තුළදී ලකුණු රුස්කළ අතර එම දඬුවම් පහර දෙකම සාර්ථක කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් විය.

දෙවැනි අර්ධය තුළදී ලකුණු 15 ක් රුස්කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වූ අතර එහිදී සී.එච්. කණ්ඩායමට රුස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. එහෙත් පළමු අර්ධය අවසානයේ රඳවාගත් පරතරය හේතුවෙන් නියමිත කාලය අවසන් වන විට සී.එච්. කණ්ඩායමට ලකුණු 23-21 ක් ලෙස තියුණු ජයක් හිමිවිය.

දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් රෝහිත රාජපක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර තේනුක නානායක්කාර එහි ප‍්‍රවර්ථනය සාර්ථක කළේය. ඊට අමතරව තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමටද තේනුක සමත් විය. ඒ අනුව ප‍්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 3 ක් සාර්ථක කරගත් තේනුක, තරගයේ වැඩිම ලකුණු ලාභියා බවටද පත් විය.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් වාර්තා කිරීමට අංජුල හෙට්ටිආරච්චි සහ පරාක‍්‍රම රත්නායක සමත් වූහ. ඉන් එක් ප‍්‍රවර්ථනයක් සාර්ථක කරගත් ගයන්ත ඉද්දමල්ගොඩ, ඉන් අනතුරැව තවත් තවත් දඬුවම් පහරක්ද සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
 
කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ වසරකට වැඩි කාලයකට පසුව ශ‍්‍රී ලංකාව තුළදී පැවැති පළමු රග්බි තරගය මෙයයි. මෙහි දෙවැනි අදියර ලබන 20 වැනිදා පස්වරැ 4.30 ට රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

පළමු අදියරේ ජය සී.එච්. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.