Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියේ දෙවැනි වටයේදී සී. ආර් ඇන්ඞ් එෆ්. සී. පිල සහ මහනුවර ක‍්‍රීඩා සමාජය අතර සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් පසුව මහනුවර පිලේ නිලධාරියකු විනිසුරුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් යටපත් කිරීමේ සැළස්මක් ක‍්‍රියාත්මක වන බව වාර්තා වේ.
මෙම සිද්ධිය පිළිබදව ශ්‍රී ලංකා රග්බි සංගමය මේ වන විට පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණ ද නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ඇතිවූ සිද්ධිය ඉදිරියට ගෙන එමින් තිබෙන බව දැනගන්නට තිබේ.
ජනාධිපතිවරණ බල පෙරළියත් සමග රග්බි ක‍්‍රීඩාව දේශපාලනීකරණය වීම වෙනත් අතකට දෝලනය වෙමින් ඇති බව රග්බි ක්ෂේත‍්‍රයේ කථා බහට ලක්ව තිබේ.
මෙම තර්ජනය කිරීමට සම්බන්ධ පුද්ගලයා වර්තමාන රජයේ ප‍්‍රබලයකුගේ ආරක්‍ෂක අංශයේ ප‍්‍රධාන නිලධාරියකු වීම සහ එම නිලධාරියාගේ සමීතම ඥාතියකු මහනුවර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීම මෙම යට ගැසීමට හේතු වී ඇති බව විනිසුරුවෝ චොද්නා කරති.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතාගෙන් මේ පිළිබ`දව කළ විමසුමකදී පැවසුවේ එවැනි යටපත් කිරීමක් නොමැති බවත් පසුගිය කාලයේ ඇතිවූ සියලූම සිද්ධීන් පිළිබදව පරීක්‍ෂණ පවත්වන බවත්ය.
”කිසිදු සිද්ධියක් යටපත් කිරීමේ අවශ්‍යතාවක් අපිට නෑ. පෙර වර්ෂවලදීත් මෙවැනි සිද්ධි පිළිබ`දව පරීක්‍ෂණ කළා. නමුත් ඒ අවස්ථාවලදී විනිසුරුවන් පැමිණ පහර නොදුන් බවට පැවසුවා” යැයි ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.