Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නුගේගොඩ ශා. ජෝන් නාලන්දාව පරදවයි

නුගේගොඩ ශා. ජෝන් නාලන්දාව පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (පළමු කොටසේ - ‘බී’ කාණ්ඩයේ) සී. ආර්. පිටියේදී පැවැති තරගයේදී නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 24-10 ක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ශාන්ත ජෝන් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-5 ක් ලෙස පෙරමුණේ පසු විය.

ජයග‍්‍රාහි ශාන්ත ජෝන් විදුහල ගෝල දෙකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුනු ලැබූ අතර නාලන්දා විදුහල උත්සාහක දිනුම් දෙකකින් ලකුණු රැස් කළේය.

ශාන්ත ජෝන් විදුහලේ පී. නිලංක, විශ්ව විජයබණ්ඩාර, නඳුන් ගිම්හාන සහ තනූජ ධනංජය උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. අංජන විනෝද් ගෝල ප‍්‍රවර්ථන සාර්ථක කළේය.

වී. එස්. සල්ගාදු සහ දේවජිත් මදුරප්පෙරුම නාලන්දා විදුහලට උත්සාහක දිනුම් දෙකක් ලබාගත්හ.


අදහස් (1)

නුගේගොඩ ශා. ජෝන් නාලන්දාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.