Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවිකයෝ යුද හමුදාව පරදවති
අන්තර් සමාජ රග්බි

නාවිකයෝ යුද හමුදාව පරදවති

editorial - 2023 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය යටතේ අද (13 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 41-30 ක පහසු ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 27-13 ක් ලෙස පෙරමුණේ පසුවූ නාවිකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 14 ක් ලබාගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 17 ක් ලබාගැනීමට යුද හමුදාව සමත් වුවද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයේ ජය නාවික හමුදාවට හිමි විය.

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ නාවිකයෝ, දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ප්‍රවර්ථනයක්, ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගිනි. පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් ලෙස සටහන් වූ යුද හමුදාවේ ලකුණු ලබාගැනීමට දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු එක් විය.

එහිදී නාවික හමුදාව වෙනුවෙන් හර්ෂ මධුරංග උත්සාහක දිනුම් 3 ක්ද, තනුජ මාලිම්බඩ සහ ළහිරු හේරත් එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර යුද හමුදාව වෙනුවෙන් අෂේන් බණ්ඩාර උත්සාහක දිනුම් 2 ක්ද, සුදාරක දික්කුඹුර සහ විනෝද් කුමාර උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ.

 


අදහස් (0)

නාවිකයෝ යුද හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.