Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවිකයන්ට ගුවන් ප්‍රහාරයක්
අන්තර් සමාජ රග්බි

නාවිකයන්ට ගුවන් ප්‍රහාරයක්

editorial - 2023 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ දෙවැනි සතිය ආරම්භ කරමින් ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී සිකුරාදා (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 17-15 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව  සමත් විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-10 ක් ලෙස පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත් වුවද, දෙවැනි අර්ධයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 3 ක් පමණි. එහෙත් දෙවැනි අර්ධයේදී තරගයට මනා ලෙස තරගයට අවතීර්ණ වූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ, ලකුණු 7 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ.

එහිදී ගුවන් හමුදාව ගෝල දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ අතර නාවික හමුදාව ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක්, දඬුවම් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.

එහිදී ගුවන් හමුදාව වෙනුවෙන් නිර්මාල් වික්‍රමසිංහ (14 වැනි විනාඩියේදී) සහ විමුක්ති ප්‍රනාන්දු (63 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් මෙන්ම 4 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ  ගයාන් ඉද්දමල්ගොඩ විසිනි.

නාවික හමුදාව වෙනුවෙන් 10 වැනි විනාඩියේදී අපූර්ව විජේසිංහ උත්සාහක දිනුමක් ලබාගත් අතර 42 වැනි විනාඩියේදී නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට තිළිණ වීරසිංහ සමත් විය.  එහිදී ගුවන් හමුදාවේ කවීෂ රුචිරන්ත විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පතක් ලැබීය. කැලුම් සඳරුවන් මහතා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.


අදහස් (0)

නාවිකයන්ට ගුවන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.