Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාව 24-21 කින් ජය ලබයි

නාවික හමුදාව 24-21 කින් ජය ලබයි

යොහාන් භාසුර - 2020 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති තරගයේදී නාවික හමුදා ක්‍රීඩකයෝ ලකුණු 24-21 කින් ගුවන් හමුදාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

මෙය නාවික හමුදා පිල මෙවර තරගාවලියේ තරග 13 කදී ලැබූ සිවුවැනි ජය වේ.
ජයග්‍රාහි නාවික හමුදා පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුනු 24 රැස්කළේය. ගුවන් හමුදා පිලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට නාවික හමුදා පිල ලකුණු 12-8 ක් ලෙස පෙරමුණේ පසුවිය.   

සිරු කව්යුලාටි ක්‍රියාත්මක වෙමින් නාවික හමුදා පිලට 16 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

ගුවන් හමුදා පිලේ චරිත් සෙනෙවිරත්න 27 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 5-3 ක් බවට පත්කළේය.

අදීෂ වීරතුංග 32 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඉසුරු කෝන්ගහවත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් නාවික හමුදා පිල ලකුණු 12-3 ක් ලෙස ශක්තිමත් විය.

ළහිරු උදයංග 39 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදාවට පළමු උත්සාහක දිනුම එකතු කිරීමෙන් ලකුණු පුවරුව 12-8 ක් බවට පත්විය.

චරිත් සෙනෙවිරත්න දෙවැනි අර්ධයේ තුන්වැනි මිනිත්තුවේදීම නාවික හමුදා ගෝල සීමාව අක්‍රමණය කරමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ඔහු විසින්ම අතිරේක ලකුණු එකතු කරන ලදී. ඒ අනුව පළමු වරට ගුවන් හමුදාව ලකුණු 15-12 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

නිරෝෂ් පෙරේරා ඉන් මිනිත්තු තුනකට පසුව උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් නාවික හමුදාව ලකුණු 17-15 ක් ලෙස නැවතත් පෙරමුණෙන් තැබීය.

ගුවන් හමුදා පිලට 50 වැනි සහ 61 වැනි මිනිත්තුවලදී ලැබුණු දඩුවම් පහර අවස්ථා චරිත් සෙනෙවිරත්න සාර්ථක කිරීමෙන් ගුවන් හමුදාව ලකුණු 21-17 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

නාවික හමුදා පිලේ ඉසුරු පෙරේරා 68 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුම ඉසුරු කෝන්ගහවත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 24-21 ක් බවට පරිවර්ථනය විය.

 

තරගයේ අවසන් මිනිත්තු 12 තුළ දෙපිපටම ලකුණු රැස්කිරීමට නොහැකි වීමෙන් තරගය අවසන් වන විට නාවික හමුදා පිලට ලකුණු තුනකින් ඉදිරියෙන් සිටියේය. 


අදහස් (0)

නාවික හමුදාව 24-21 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.