Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදා ක‍්‍රීඩකයෝ මහනුවර පිල පරදවති

නාවික හමුදා ක‍්‍රීඩකයෝ මහනුවර පිල පරදවති

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සති අන්තය යටතේ නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී ඊයේ (0-8) පැවැති තරගයේදී නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 21-14 කින් ප‍්‍රබල මහනුවර පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබීය. මහනුවර පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 9-7 ක් ලෙස මහනුවර පිල පෙරමුණේ පසු වුවද නාවික හමුදා පිල දෙවැනි අර්ධය ආරම්භයේ සිට සටන්කාමීව ක‍්‍රීඩා කරමින් පෙරමුණට පැමිණීයේය.

දියගමදී ඊයේ (08) පැවැති තරගයේදී යුද හමුදා පිල ලකුණු 40-14 කින් සී. එච්. පිල පරාජය කළ අතර මෙය සී. එච්. පිල පිට පිටම ලැබූ සිවුවැනි පරාජය වේ.


අදහස් (5)

නාවික හමුදා ක‍්‍රීඩකයෝ මහනුවර පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.