Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියේ නාවික හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ඉකු-ත්දා පැවැති තරගයෙන් පසුව නාවික හමුදාවට සම්බන්ධ පිරිසක් විනිසුරුවන්ට සහ හැව්ලොක්ස් පිලේ ක‍්‍රීඩකයන්ට පහර දීමේ සිද්ධිය පිළිබදව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ විනිසුරුවන්ගේත්, ප‍්‍රතිවාදී කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේත් ආරක්‍ෂාව සම්බන්ධයෙන් සත්කාරක කණ්ඩායම ලෙස නාවික හමුදාව වගකිව යුතු බවයි.
”මෙම සිද්ධිය පිළිබදව මේ වන විට අප තොරතුරු සොයමින් ඉන්නවා. පරීක්‍ෂණයේදී වැඩි දුර තොරතුරු හෙළි වෙයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.