Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන ‘ඩයලොග්’ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් බම්බලපිටිය පොලිස් පිටියේදී අද (09) පස්වරුවේ පැවැති තරගයේදී නාවික හමුදා ක්‍රීඩකයෝ ලකුණු 24-23 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
තරගයේ අවසන් මිනිත්තුවේදී නාවික හමුදා පිලේ නායක තිළිණ වීරසිංහ සාර්ථක කළ දඩුවම් පහරත් සමඟින් මිනිත්තු 10 ක් පෙරමුණේ සිටි පොලිස් පිලට පරාජය වැළඳගැනීමට සිදුවිය.
දෙවැනි අර්ධයේ 30 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර අමිත වීරසිංහ සාර්ථක කිරීමත් සමඟ පොලිස් පිල ලකුණු 23-21 ක් ලෙස පෙරමුණට පැමිණියේය.
පළමු අර්ධය අවසන් වන විට නාවික හමුදා පිල ලකුණු 14-10 ක් ලෙස පෙරමුණේ සිටිය ද දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී වගීෂ වීරසිංහ ගෝල කණු අතර තැබූ පන්දුව අමිත ප්‍රභාත් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ පොලිස් පිල ලකුණු 17-14 ක් ලෙස නැවතත් පෙරමුණට පැමිණියේය.
අමිත වීරසිංහ ඉන් නොනැවතී 17 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව 20-14 ක් බවට පත්කළේය.
රීචී ධර්මපාල වම් පස කොඩි කණුව අසළින් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට තිළිණ වීරසිංහ අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ නාවික හමුදා පිල 22 වැනි මිනිත්තුවේදී ලකුණු 21-20 ක් ලෙස ලකුණකින් පෙරමුණට පැමිණියේය.
මෙම තරගය ආරම්භයේ සිටම වාසිය දෙපසට දෝළනය වීම කැපී පෙනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධයේ මිනිත්තු 20 ක් දක්වා දෙපිලම ලකුණු රැස්කිරීමට අපොහොසත් විය.
එම අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී නාවික හමුදා පිලේ චරිත් සිල්වා උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර තිළිණ වීරසිංහ එහි ප්‍රවර්ථනය සාර්ථක කළේය.
උත්පල එදිරිසිංහ 25 වැනි මිනිත්තුවේදී ද, ශානක හරිස්චන්ද්‍ර 32 වැනි මිනිත්තුවේදී ද, සාර්ථක උත්සාහක දිනුම් දෙකත් සමඟ පොලිස් පිල පළමු වරට ලකුණු 10-7 ක් ලෙස පෙරමුණ ගත්තේය.
හර්ෂ මුණසිංහ 35 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ නාවික හමුදා පිල ලකුණු 14-10 ක් ලෙස නැවතත් පෙරමුණට පැමිණියේය.
මෙහිදී පොලිස් පිලේ සෙන්ටර් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ ෆීජි ජාතික ඉමෝසි විනුවොසා පොලිස් පිලේ සාර්ථකත්වයට දැවැන්ත මෙහෙයක් කළ ආකාරය දැකගත හැකිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.