Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තය අවසන් මහ තරගයට
රග්බි ලෝක කුසලාන - 2023

නවසීලන්තය අවසන් මහ තරගයට

editorial - 2023 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිකුරාදා රාතියේ පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 44-6 ක් ලෙසින් ආර්ජන්ටිනාව පරාජය කළ නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ලෝක කුසලාන අවසන් මහ තරග 5 කට සුදුසුකම් ලබාගත් එකම කණ්ඩායම වන්නේද නවසීලන්තයයි.

නවසීලන්තය දැනටමත් තුන් වතාවක් ලෝක කුසලාන දිනා තිබේ. 

ඕව්හු අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 28-24 ක් ලෙසින් අයර්ලන්තය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියහ. අවසන් පූර්ව තරගයේදී උත්සාහක දිනුම් 7 ක් තබමින් ඒවායින් 3 ක් ම ගෝල දිනුම් බවට ප්‍රවර්තනය කළ නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන රිචී මෞන්ගා ලබාගත් දඬුවම් පහර ද සමගින් ලකුණු 44 ක් එක්විය. 
ආර්ජන්ටිනා ක්‍රීඩකයන්ට ලකුණු ලබාගත හැකිවූයේ එමිලියානෝ බොෆෙලි සාර්ථක කරගත් දඬුවම් පහර දෙකකින් පමණි. 

තරගයේ පස්වැනි මිනිත්තුවේ දී බොෆෙලි දඩුවම් පහරක් ලබාගත් නමුත් දකුණු ඇමරිකානු කණ්ඩායමට වාසිය තිබුණේ විනාඩි 6 කි. 11 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් විල් ජෝර්ඞ්න් තරගයේ වාසිය නවසීලන්තය වෙත ඇදගත්තේය. එතැන් සිට තරගයේ අවසානය දක්වාම එය නවසීලන්ත ක්‍රීඩකයන්ගේ අණසකට යටත් වී තිබිණ. 

පළමු අර්ධය නිමාවේදීත් ලකුණු 20-6 ක් ලෙසින් නවසීලන්තය ඉදිරියෙන් සිටියේය. 

තරගයේ 65 වැනි විනාඩියේදී නවසීලන්තයේ ස්කොට් බැරට්ට විනිසුරුවරයා විසින් කහ කාඞ්පත පෙන්වා අවවාද කරන ලද නමුත් එයින් ඇතිවූ බලපෑමක් නොවීය. ඒ වන විටත් නවසීලන්තය ලකුණු 39-06 ක් ලෙසින් ඉදිරියෙන් සිටි අතර තරගය නිමාවීමට තිබුණේ විනාඩි 15 ක් පමණි. 

- 213


අදහස් (0)

නවසීලන්තය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.